විභාග සමත්වූ පමණින් ජීවිත සමත් වන්නේ නෑ - ජනපති

ඔක් 20, 2018

    බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපතිවරයා, මේ බව සඳහන් කළේ මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට අද (20) පෙරවරුවේ එක්වෙමිනි.

    විභාගය සමත් වූ පමණින් දරුවන්ගේ ජීවිතය සමත්වීම තීරණය කළ නොහැකි බැවින් බාලදක්ෂ ව්‍යාපාරය ජීවිතය සමත්කර ගැනීමේ ප්‍රායෝගික අභියෝගය ජය ගැනීමට මනා පිටිවහලක් සපයන බව ද ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේ ය.

    මුදල් මත පදනම් වී ඇති තරගකාරී ලෝකයේ අවිනීත, අයහපත් දේ සමාජයට ගලායාමට ඇති විශාල ඉඩප්‍රස්ථාව තුළ අයහපත ඉවත දමා යහපත් පුරවැසියෙකු සේ හැසිරිය යුතු බව ද හෙතෙම කියා සිටියේ ය.

    වයස අවුරුදු 18 වන විට බාලදක්ෂයකු ජනාධිපති පදක්කම් ලබා ගැනීමට, ඉතාමත් භාරදුර කාර්යයන් රැසක් ප්‍රගුණ කළයුතු අතර ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළක් පැවැත්වෙන්නේ වසර 04 කට පසුවය.

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ බාලදක්ෂ දිස්ත්‍රික් 37 කින් ජනාධිපති පදක්කම් ලැබීමට සුදුසුකම් ලැබූවන් 1195 දෙනෙකු සම්මාන ලබා ගත්හ.

    බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබි අඩවිය විවෘත කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වී සිටින ශිෂ්‍යයින්ට සිය සුබපැතුම් එක් කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ය.

    ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ස`දහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වී ය.

    නේපාලයේ ණ2 ක`දුවැටිය තරණය කිරීමට පසුගියදා එක් වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපතිතුමා දැක්වූ අනුග්‍රහය සිහිපත් කරමින් ජනාධිපතිතුමා වෙත ගෞරව සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරන බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් මීට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 20 ඔක්තෝබර් 2018 23:45

    Latest News