තියුණු ආයුධයකින් පහරදීමකින් තරුණයෙක් මරුට

ජූනි 22, 2020

    දුන්ගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    ඊයේ (21) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇතවූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැප්නුගොඩ, පමුණුගම ලිපිනයේ පදිංචිව සිටි 21හැවිරිදි පුද්ගලයෙකි. මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ අද සිදු කිරීමට නියමිතයි.

    ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දුන්ගල්පිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News