හැඳුනුම්පත අළුත් මුහුණුවරකින් හෙට

දෙසැ 31, 2018

    නව ජාතික හැඳුනුම්පතක් ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කිරීමට නියමිත බව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    සුහුරු ජාතික හැඳුනුම්පත් ලෙස හඳුන්වාදෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයදුම්කරුගේ ජායාරූපය, විද්‍යුත් තැපෑල මගින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බව, පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියා සිටී.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදංචිවී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් ඡායාරූප රැගෙන රිසිට්පත අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය. ඡායාරූප ලබාගැනීම සඳහා ඡායාරූප ශාලා 2,100ක් දිවයිනපුරා මේ වන විට ලියාපදංචි කර තිබේ. ප්‍රමිතියෙන් උසස් ජාතික හැඳුනුම්පතක් ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව, කොමසාරිස්වරයා සඳහන් කරයි. මැද පෙරදිගට පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ද අදින් අවසන්. ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කෙරෙන්නේ සියලුම රටවල් සඳා වලංගු ගමන් බලපත්‍ර පමණක් බව ආගමික හා විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

     

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 10:08

    Latest News