රාගම රන්කැටියා අත්අඩංගුවට

ජූනි 20, 2020

    රාගම පොලිස් වසමේ හොරපේ ප්‍රදේශයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්ති අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. එහිදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, තහනම් පිහියක් සහ ගංජා මිලිග්‍රෑම් 150ක් ද අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සදහන්වේ.

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 34ක් වූ අයෙකි.

    මෙම සැකකරු දේපල කොල්ලකෑම්, මරණ තර්ජනය කිරීම් ආදී සිද්ධි ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් වන අතර, සැකකරුට විරුද්ධව ගම්පහ සහ වැලිසර අධිකරණවලින් වරෙන්තු දෙකක් නිකුත් කර ඇත.

    මෙම සැකකරු ඊයේ(19) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. රාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 10:01

    Latest News