ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 සුව වූ ගණන 1,342ක්; තවත් 552ක් රෝහල්වල

ජූනි 16, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,342ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1905ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සොයාගත් රෝගීන් 16 දෙනාත් සමගයි. ඉන් තිදෙනෙක් නාවික හමුදාව ආශ්‍රිතව සොයා ගෙන ඇති අතර ඉතිරි අයගෙන් එක් අයෙක් ලාහොර් සිට ද 5 දෙනෙක් කුවේට් සිට ද එක් අයෙක් බංගල්දේශයේ සිට සහ 6ක් මාලදිවයිනේ සිට ද පැමිණි අය වේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 552ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 46 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News