සියලු නීතිවිරෝධී ප්‍රචාරන කටයුතු අද සිට නවතී

ජූනි 14, 2020

    එළඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් අළවා ඇති පෝස්ටර් සහ එල්ලා ඇති බැනර් කටවුට් මෙන්ම දැන්වීම් ඉවත් කිරීමේ කටයුතු අද (14) ආරම්භ වුණා.

    පොලීසිය සඳහන් කළේ සමස්ත දිවයිනම ආවරණ වන පරිදි විශේෂ මෙහෙයුමක් ලෙස මෙය සිදුකරන බවයි.

    මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුවන සියළු නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ.

    මේ අතර, නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටී.

     

    Latest News