අවම ශ්‍රමික වයස අවුරුදු 16යි

ජූනි 14, 2020

    කැබිනට් මණ්ඩල තීරණය අනුව අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සැමරීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් පසුගියදා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    එහිද අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකීය වැඩ කරන ජනතාවගේ කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කම්කරු දෙපාර්තමේන්තුව සුවිශේෂ කාර්‍යයක් ඉටු කරන බව අමාත්‍යවරයා පවසයි.

    විශේෂයෙන් දැනටමත් ලංකාවේ ළමා ශ්‍රමිකත්වය 0% දක්වා ලඟා කර ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් මිහිමත වටිනාම සම්පත දරුවන් බවත් අමාත්‍යවරයා පෙන්වා දේ.

    1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පණත අනුව අවුරුදු 14 ට අඩු ළමයින්ගේ ශ්‍රමය යොදා ගැනීම වරදක් බවත් එම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

    Latest News