බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය යළි වන්දනාකරුවන්ට

ජූනි 12, 2020

    ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්, දෙමසකට වඩා වැඩි කාලයක් වසා දමා තිබූ බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය යළි වන්දනාකරුවන්ට විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම සතිය ආරම්භයේ දී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පූජනීය ස්ථාන සඳහා පනවා තිබූ දැඩි නීති සහ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ මෙම පියවර ගනු ලැබීය.

    දෙස්-විදෙස් බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් බුද්ධගයා විහාරය වන්දනා කිරීම පසුගිය කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සම්පූර්ණයෙන්ම වසා දැමිණ. අග්‍රාමාත්‍යවරයා, පූජා නගර සහ ආගමික ස්ථාන සඳහා පනවා තිබූ නීති ලිහිල් කිරීම හේතුවෙන් සමාජ දුරස්ථභාවය රකිමින්, වරකට ඉතා සීමිත සැදැහැවතුන් පිරිසක් සඳහා වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

    එහෙත්, දානමය ආහාර පිළිගැන්වීම, පිළිම ස්පර්ශ කිරීම, ශුද්ධ වූ ජලස්නානය කිරීම ආදී වත්පිළිවෙත්වලින් බැහැර වන ලෙස නියෝග පනවා තිබේ. වසරකට දෙස්-විදෙස් සැදැහැවතුන් දහස් ගණනින් පිරීයන බුද්ධගයා වන්දනා භූමියේ පසුගිය කාලයේ දී දැකිය හැකි වූයේ, භික්‍ෂුන් වහන්සේ කිහිප දෙනෙකු පමණි.

    පූජා භූමියට ඇතුළු වන ස්ථානයේ සිට වන්දනාකරුවන් මුව ආවරණ පැළඳීමත්, සමාජ දුරස්ථභාවය නිරන්තරයෙන් රැකිය යුතු බවත්, බුද්ධගයා ආරක්‍ෂක කමිටුව අද නිවේදනය කළේය.

    Latest News