සංචාරක ක්ෂේත්‍රය යථා තත්වයට පත් කිරීමට සහන

ජූනි 12, 2020

    සංචාරක ක්ෂේත්‍රය යථා තත්වයට පත් කිරීම සඳහා සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එම ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමඟ පැවති සාකච්ජාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරක හා හෝටල් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ එම ක්ෂේත්‍රය යළි නඟා සිටුවීම සම්බන්ධයෙන් මෙම සාකච්ජාව පැවැත්විණ. විදේශීය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ජාවට ලක්විය.

    දේශීය සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණ. සංචාරක වීසා ගාස්තුව අමෙරිකානු ඩොලර් 35 සීමාවෙහි රඳවා ගන්නා ලෙස ද මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. වන උද්‍යාන විවෘත කිරීමේදී පාරිසරික උවදුරු සහ සත්ත්ව හිංසනය නොවන අයුරින් එම කටයුතු සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරුන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සාකච්ජාවට එක්වූහ.

    Latest News