ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්

ජූනි 12, 2020

    ජනතා දුක්ගැනවිලි විසඳීම සඳහා ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙකු පත්කර තිබේ.

    ඒ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතායි.

    මහජන පැමිණිලි සහ දුක් ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමට පියවර ගැණින. පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් විසින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේ නම් හා ජනතාවට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථයයි.

    මෙම කාර්යාලය කොළඹ 01 ජනාධිපති මාවතේ, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ ස්ථාපනය කර තිබේ. ජනතාවට තම පැමිණිලි හෝ දුක් ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ. නැතහොත් ඉහත ලිපිනයට තැපැල් මගින් ඉදිරිපත් කළ හැක. එහි ෆැක්ස් අංකය වන්නේ 011-2338073. විද්්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද තමා වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

    Latest News