එජාපය යහපාලන ක්‍රියාත්මක කළා - රවී කියයි

දෙසැ 29, 2018

    මහජනතාවගේ ශක්තිය නිසා ව්‍යාජ ආණ්ඩුව පරදවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත පිහිටුවීමට හැකියාව ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මින් පෙර සිදු නොවු සංවර්ධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

    "ඔක්තෝබර් 26 වන දින ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් ඇති වුණා. අපි එක්සත් ජාතික පක්ෂය තුළ යහපාලනය ක්‍රියාත්මක කළා, අනිත් අය දේශපාලනය ක්‍රියාත්මක කළා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දෙන්න තිබෙන ප්‍රතිලාභ ලබා දීමට නොහැකි වුණා.

    ඒ වගේම, අද රුපියල අවප්‍රමාණය වෙලා තිබෙනවා. අද ශක්තිමක් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු නැහැ. මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම...

    රටක් සංවර්ධනය කිරීම භෞතික මෙන්ම මානව වශයෙන්ද සිදුකළ යුතුයි. රටක අප සතු වටිනාම සම්පත වන්නේ, අනාගත දරු පරපුරයි. එනිසා, රටක් සංවර්ධනය කිරීමේ මූලික පියවර ලෙස අනාගත දරු පරපුර අධ්‍යාපනික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පෝෂණය කළ යුතුයි"

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (28) පස්වරුවේ මට්ටක්කුලිය, සමිත්පුර ක්‍රීඩාංගනයේ දී පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

    Latest News