අල්ලස් ගත් සැරයන්ට,කොස්තාපල්ට වැඩ තහනම්

දෙසැ 29, 2018

    අල්ලස් වශයෙන් මුදගල් ලබා ගත් රථ වාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය වූ මෝටර් රථයක රථ වාහන රාජකාරී යෙදී සිටි පොලිස් හදිසි ඇමතුම් අංශයට අනියුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුයි මෙලෛස වැඩ තහනමට ලක්ව ඇත්තේ.

    පසුගිය 26 වැනි දා පරණ පාර්ලිමේන්තු වටරවුම අසළ දී රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් වාහනයක් නවතා පරීක්ෂා කර වැරැද්දට නීතිය ක්‍රියාත්මක නොකර අල්ලස් වශයෙන් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් රථ වාහන පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයකින් පසු එමපොලිස් සැරයන්වරයා හා පොලිස් කොස්තාපල් වරයාගේ වැඩ තහනම සිදුකර ඇත. මෙම නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටත්, දැඩි විනය පියවර ගන්නා ලෙසටත් පොලිස්පතිතුමා අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    Latest News