මැයි මාසයේ මෙරට තේ සඳහා ඉහළ ඉල්ලුමක්‌ (වීඩියෝ)

ජූනි 04, 2020
  • පසුගිය මාසයේ පැවති, කොළඹ තේ වෙන්දේසියේ දී මෙරට තේ සඳහා ඉහළ ඉල්ලුමක්‌ ලැබුණු බව, ශ්‍රී ලංකා තේ සංගමය පවසනවා.

    උඩරට හා මැදරට තේවලට සාපේක්‍ෂව, පහතරට තේ සඳහා ලැබී ඇත්තේ වැඩි ඉල්ලුමක්‌, මෙරට තේ සඳහා ලැබුණු මෙම ඉල්ලුම, වසර 134 ක ඉතිහාසය තුළ ලැබුණු ඉහළම මිල ලෙසයි සැලකෙන්නේ.

    කොවිඩ් 19 වසංගතය හමුවේ, කොළඹ තේ වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉලෙක්ට්‍රොණික ක්‍රමයටයි. ලෝක තේ නිෂ්පාදනය අඩුවීම හා වෙළෙඳපොළ සැපයුම අවම වීම වැනි කරුණු හේතුවෙන්‌, ශ්‍රී ලංකාවේ තේවලට ලැබෙන මිල ඉහළ ගොස්‌ තිබෙනවා. මෙරට තේවල පවත්නා ගුණාත්මකභාවය, පිරිසිදුභාවය හා රසය මෙන්ම වර්ණය ද මිල ඉහළ යාමට බලපෑ තවත්‌ සාධකයන්‌.

    කොළඹ තේ වෙන්දේසිය 1883 දී ආරම්භ කෙරුණු අතර එය ලොව ප්‍රධාන තේ වෙන්දේසි අතරට ගැනෙනවා. තේ මිල ඉහළ යාම හේතුවෙන්‌, මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද වැඩි වී ඇතැයි, ශ්‍රී ලංකා තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති, ජයන්ත කරුණාරත්න මහතා පවසනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූනි 2020 18:45

    Latest News