තේ සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹ දී

මැයි 19, 2023

    ශ්‍රී ලංකා - චීන තේ සංස්කෘතික ප්‍රදර්ශනය, කොලඹ 07 නිදහස් මාවතේ පිහිටි චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

    තෙදින ප්‍රදර්ශනය උදේ 10.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතයි.

    ශ්‍රී ලංකා - චීන තේ සංස්කෘතික ප්‍රදර්ශනය ඊයේ විවෘත කෙරු‍ණේ, අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී ජං ඉංබාඕ මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙරටේම තේ ආශ්‍රිත සංස්කෘතික අත්දැකීම් විඳ ගැනීමට මෙය මහඟු අවස්ථාවක් ලෙස සැලකෙනවා. චීනයට ආවේනික තේ පිළිගැන්වීම් හා සමූහයක් එක්ව තේ පානය කිරීමේ ක්‍රමවේදය, පිළිබඳව ද මෙම ප්‍රදර්ශනයේදී දැනගත හැකියි. චීනයේ පාරම්පරික තේ කලාවන් හා එහි රසය විදගැනීමටත්, ශ්‍රී ලංකාවේ විවිධ වූ තේ රසයන් විදගැනීමටත් අවස්ථාව සැලසෙන අතර, තේ කර්මාන්තය හා සම්බන්ධ මෙවලම් පිළිබඳ දැන ගැනීමට සහ ඓතිහාසික ඡායාරූප හා අත්දැකීම් ලබා ගැනීමට ද ප්‍රදර්ශනයෙන් අවස්ථා සලසා දී තිබෙනවා. ප්‍රදර්ශනයට අනුග්‍රහය දක්වන්නේ, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය සහ මෙරට චීන තානාපති කාර්යාලයයි. ශ්‍රී ලංකා - චීන තේ සංස්කෘතික ප්‍රදර්ශනය හෙටත් උදේ 10.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතයි.

    Latest News