කොළඹ මහ නගර සභාවෙන් අද සිට ඩෙංගු ‍මර්දන මෙහෙයුමක්

ජූනි 04, 2020

    කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙහිදි කොළඹ මහ නගර සභා සීමාවේ සියලු පරිශ්‍රයන් පරික්ෂාවට ලක් කිරීමට නියමිත බව නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සඳහන් කළේය.

    අදාළ පරිශ්‍රයන් පරික්ෂා කරන අවස්ථාවේ දි එකී ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනා ගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද සඳහන්.

    Latest News