රියදුරු ප්‍රායෝගික පරීක්‍ෂණය ඉදිරියේදී රජයෙන් පමණයි

ජූනි 04, 2020

    රියදුරු බලපත්‍ර නිකුත්‌ කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්‍ෂණය, බාහිර පාර්ශව වෙතින්‌ ඉටුකර ගැනීමට පසුගිය රජය ගෙන තිබු තීරණය, අවලංගු කෙරුණා.

    ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත්‌ කළ කැබිනටි පත්‍රිකාවක්‌ මගින්‌.

    එම විභාගය රජයෙන්‌ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්‌, ශ්‍රී ලංකා මෝටර්‌ රථ පරීක්‍ෂකවරුන්ගේ සංගමය, පසුගියදා අමාත්‍යවරයාගෙන්‌ ඉල්ලීමක්‌ කළා. ඒ අනුවයි කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත්‌ කර ඇත්තේ. මේ අතර, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ, මෝටර්‌ රථ පරක්‍ෂකවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනමින් විභාගයක් පවත්වන බවයි. දැනට එම තනතුරුවල සිටින්නේ 99 දෙනෙකු පමණයි. සිටිය යුතු සම්පූර්ණ නිලධාරී සංඛ්‍යාව 145ක්.

    Latest News