මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643ක්

ජූනි 02, 2020

    සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව දස දෙනෙක්. ඔවුන්ගෙන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන්තොටුපොළේ දී කොවිඩ් 19 රෝගය වැළදුණු යුද හමුදා නිලධාරියෙකුගේ නිරෝධායනයට යොමු කර සිටි ඥාතීන්.

    තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වන්නේ, නාවික හමුදා සාමාජිකයින් අතරින්. රෝගීන් සිව් දෙනෙකු බංගලාදේශයේ සිට පැමිණි පුද්ගලයන් අරින් වාර්තා වෙයි. ඉන්දුනීසියාවේ සිට පැමිණි එක් අයෙක් සහ බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් ද ඊයේ හඳුනාගැනුණු රෝගීන්ට අයත්.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 12:49

    Latest News