අද සිට දුම්රිය ගමන්වාර හා බස් සංඛ්‍යාව වැඩි කෙරේ

ජූනි 01, 2020

    අද (01) සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ දුම්රිය ගමන්වාර 33 ක් අද සිට ධාවනයට එක්කළ බවයි.

    එම දුම්රිය වලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගින්ට පමණක් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.

    එමෙන්ම අද සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කළේය.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 13:32

    Latest News