සුවය ලැබු ආසාදිතයින් ගණන 811 දක්වා ඉහළට

ජූනි 01, 2020

    තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

    ඔවුන් නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

    ඒ අනුව මෙරට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1633 දෙනාගෙන් 811 දෙනෙක් සුවය ලබා තිබේ.

    තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 811 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

    Last modified on සදුදා, 01 ජූනි 2020 13:17

    Latest News