අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයට

මැයි 30, 2020

    අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයට අද දහවල් රැගෙන ගියා.

    එතෙක් තොණ්ඩමන් මහතාගේ දේහය තැන්පත් කර තිබුණේ කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේයි. දේහය ඊයේ රැගෙන ඒමත් සමග අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක්‌ පැමිණියා. දේහය නිවසින්‌ රැගෙන යාමට ප්‍රථම බෞද්ධ හා හින්දු ආගමික වතාවත්‌ දු සිදු කෙරුණා. වැවන්ටන්‌ වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත්‌ කර තිබූ දේහය අද කොටගල පිහිටි ලංකා කමිකරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත රැගෙන ගියේ, නුවරඑළිය, නානුඔය, තලවාකැලේ ප්‍රදේශ ඔස්සේයි. හෙට දිනය දක්වා දේහය එහි තැන්පත්‌ කර තැබෙනු ඇත. හෙට සවස හැටන්‌ නෝර්වුඩ් ක්‍රීඩාංගනයේදී අවසන්‌ කටයුතු සිදු කිරීමට නියමිතයි.

    අමාත්‍ය ආරුමුගම්‌ තොන්ඩමන්‌ මහතාගේ දේහය පිළිබඳ අවසන්‌ කටයුතු ජාතික රෑපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    මේ අතර පනවා ඇති ඇදිරිනීතිය හේතුවෙන්‌ තම නායකයාට අවසන්‌ ගෞරව දැක්වීමට පැමිණීමට නොහැකි ජනතාව වතු නිවාස ආශ්‍රිත පරිශයේ අවසන් ගෞරව දක්වමින් පිං අනුමොදන් කරන බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News