කොවිඩ්19 වැළඳී තවමත් රෝහල් ගතව 775ක්; සුව වූ ගණන 745ක් (වීඩියෝ)

මැයි 29, 2020
  • මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 745ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 1530ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ(28) වාර්තා වූ රෝගීන් 61 දෙනාත් සමගයි. එම රෝගීන් 61න් 26ක් නාවික හමුදාවට අදාළවන අතර ඩුබායි සිට පැමිණි 17ක් සහ ඉතිරි අය කුවේට් සිට පැමිණි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

    ඒ අතර ඊයේ දිනයේ PCR පරීක්ෂණ 1713 ක් සිදු කර තිබේ. එමෙන්ම අද දිනයේ කොළඹ අවට ඉදිකිරීම් ස්ථාන අවට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතය බවද ඒ මහතා සඳහන් කරයි.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 775ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 68 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 10කි.

    Last modified on සිකුරාදා, 29 මැයි 2020 10:43

    Latest News