සංචාරක මාර්ගෝපදේශකයන්ටත් රක්ෂණ ක්‍රමයක්

මැයි 26, 2020

    සංචාරක මාර්ගෝපදේශකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට රජය පියවර ගනී.

    ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් ලබාදී ඇත.

    සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සමාගම් සමග පැවති සාකච්ඡාවක දී එම සංගම් නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක මාර්ගෝපදේශකයන් සදහා නීතිමය ආවරණයක් ලබා දෙන ලෙසයි.

    මේ වනවිට දිවයින පුරා සංචාරක මග පෙන්වන්නන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ.

    මෙම සංචාරක මග පෙන්වන්නන් සඳහා සහන පොළී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    Latest News