ග්‍රාමීය මාර්ග කි.මී. 3750 ක් සංවර්ධනයට පියවර

මැයි 26, 2020

    ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3,750 ක් සංවර්ධනය කෙරෙන මාර්ග සංවර්ධන පැකේජ හයක් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලංසු කැඳවා තිබේ.

    මෙම ව්‍යාපෘති සියල්ල ආසියානු සංවර්ධ බැංකුව සමග ශ්‍රී ලංකාව සිදු කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ කොටස් වේ.

    මෙම ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් අරමුදල් සම්මත කර ඇති අතර සමස්ත වැඩසටහන පසුගිය වසර කිහිපයේ අඛණ්ඩව ක්‍රියාත්මක විය.

    නැගෙනහිර, උතුර, බටහිර සහ ඌව පළාත්වල ග්‍රාමීය මාර්ග සංවර්ධනය මෙමගින් සිදු කෙරේ.

    දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සහභාගීත්වය සඳහා පහසුකම් සපයන ජාතික තරගකාරී ලංසු කාණ්ඩය යටතේ ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත.

    Latest News