මහ මැතිවරණය පැවැත්වීමේ සූදානමක් - මහින්ද දේශප්‍රිය

මැයි 26, 2020

    පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් දේශප්‍රිය මහතා පැවැසීය.

    සෞඛ්‍ය නිර්දේශ යටතේ පවතින සමාජ දුරස්ථභාවය, අත් පිරිසුදු කිරීම, මුඛ ආවරණ භාවිත කිරීම යන කරුණු මත මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් සමඟ අවසන් සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News