ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය විසින් කර ඇති නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා අරගල කරුවන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම් හතරක් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

ජූලි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ලම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කළේය.

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ.

ජුනි මස 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද හතර වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

Latest News