ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද (ඡායාරූප) 0763220717 - 0772072164

මැයි 24, 2020
  • ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බවයි කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

    මාසයක කාලයක් පැවති උපවාස සමය නිමා කරමින්, මුස්ලිම් ජනතාව අද ඊදුල් පීතර් රාමසාන් උත්සවය සමරයි.

    මෙය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උළෙලක්. ඉල්සාම් දහමේ ඇති ප්‍රධානතම වගකීම් 5න් අවසාන වගකීම, නෝම්බි උපවාසයේ යෙදීමයි. මාසයක් පුරා හිරු උදාවේ සිට හිරු බැසයාම තෙක්, ඔවුන් මෙම ශීලය ආරක්ෂා කරයි. මෙය ආගමික හා ශාරීරික ශික්ෂණය ඇති කරන විශේෂිත කාලයක් ලෙසයි ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන්නේ. අල්ලා දෙවියන්ගේ නිර්දේශය මත යාඥාවන්හි සහ දන්පින් කටයුතුවල යෙදෙමින්, ඔවුන් මෙම පුණ්‍යවන්ත සමය ගත කරයි. උපවාස මාසය අවසන් වෙන්නේ නව සඳ දැකීමෙන් අනතුරුවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනූව පෙළගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමෙන් අනතුරුවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනූව පෙළෙගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමේ චාරිත්‍රය අනූව සිදු වෙයි. උපාවාසය අවසන් කෙරෙන දිනයේ අලුත් ඇඳුම් ඇද ආහාරපාන බෙදාහදා ගනිමින් ඔවුන් ඊදුල් පිතර් උළෙල සමරනු ලබයි.

    කොරෝනා වෛරසය වැළැක්වීමේ පියවරක්‌ ලෙසින්‌ ආරක්ෂක හා සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බැවින්‌ මෙවර රාමසාන්‌ උත්සවය ඉතා චාම්‌ ආකාරයෙන්‌ සමරන ලෙසයි, ලංකා ජබියතු උලමා සංවිධානය මුස්ලිමි ජනතාවගෙන්‌ ඉල්ලීමක්‌ කර ඇත්තේ, එම නිර්දේශවලට අනුව රාමසාන්‌ උත්සවය සැමරීම නිවසට පමණක්‌ සීමා වී උත්සවය සමරනු අද දක්නට ලැබුණා. රාමසාන්‌ මාසයේදී මුස්ලිම් ජනතාව අල්ලා දෙවියන්‌ වෙනුවෙන්‌ කැප වුණා, ඉස්ලාමී දහමේ ශූද්ධ වූ අල්‌ කූරාණය අල්ලා දෙවිඳුන්‌ විසින්‌ ලබාදුන්‌ ලයිනතූර්‌ කත්රී නැමති ශුද්ධ වූ රාත්‍රියක්‌ ලැබුණු මාසයක්‌ ලෙසයි, රාමසාන්‌ මාසය හැඳින්වෙන්නේ. පසුගිය මාසය පුරාම දෙවියන්‌ වෙනුවෙන්‌ කැප වූ ඔවුන්‌ අද "ඊදුල්‌ ෆීතර"'_ ඉස්ලාමීය ආගමික දිනය සමරනවා.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 19:38

    Latest News