සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 3.5ක්

මැයි 20, 2020

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කරයි. 

    ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැයි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi)  මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. 

    යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරිණ.

    යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි. 

    කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බව ද තානාපතිවරයා කියා සිටියේය. 

    මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ සදහා අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැයි සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

    Last modified on බදාදා, 20 මැයි 2020 17:28

    Latest News