ගතවූ පැය 24ට ඇදිරි නීතිය කැඩූ 660ක් අත්අඩංගුවට

මැයි 20, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා පැනවූ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මාර්තු මස 20වන දින සිට මේ දක්වා ගත වූ කාලය තුළ දී පුද්ගලයින් 60,425දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    අත්අඩංගුවට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 16,924කි. එසේම මාර්තු 18වනදා සිට අද(20) උදෑසන 06.00දක්වා කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමට අදාළ නඩු පැවරූ සංඛ්‍යාව 17,193කි. නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියම කළ සංඛ්‍යාව 6,480ක්වේ.

    මේ අතර ඊයේ(19) උදෑසන 6.00 සිට අද(20) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 660ක් වේ. අත්අඩංගුවට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 256ක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Last modified on බදාදා, 20 මැයි 2020 09:11

    Latest News