කොළඹ - ගම්පහ හැර සෙසු බස් ධාවනය ක්‍රියාත්මකයි

මැයි 20, 2020

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) දිනයේ සිට අවසර ලබාදී ඇතිබව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනය ක්‍රියාත්මකයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඒ.එච්.පණ්ඩුක මහතා සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ සිට ධාවනයට එක් කරන බස් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

    මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනයට අවශ්‍ය කටයුතු සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

    Last modified on බදාදා, 20 මැයි 2020 09:52

    Latest News