“අම්ෆන්” චණ්ඩ සුළි කුණාටුව නිසා 150mm වැඩි තද වැසි (වීඩියෝ)

මැයි 18, 2020
  • චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව ඇති “අම්ෆන්” සුළි කුණාටුව මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඇතැම් ස්ථානවලට 150mmට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද ඇති විය හැක. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60ත් දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතියි.

    දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනු ලැබේ.

    Last modified on සදුදා, 18 මැයි 2020 19:56

    Latest News