සැඩ පහරකට හසුව අයෙක් මරුට..බේරාගැනීමට ගිය සෙබළුන් රෝහලේ

මැයි 16, 2020

    කෑගල්ල,ඉඹුල්ගස්දෙණිය-ෆෙයා ෆීල්ඩ් ප්‍රදේශයේ පුද්ගලයෙකු, සැඩ පහරකට හසු වීමෙන් මිය ගොස් තිබේ.

    ඔහු බේරාගැනීමට ගිය විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනෙකු ද ජල පහරට හසු වීමෙන් රෝහල්ගත කිරීමට සිදුවිය. කෑගල්ල ෆෙයා ෆීල්ඩ් ප්‍රදේශය හරහා ගලා බසින කුඩාඔය පිටාර ගැලීම හේතුවෙන්, ඒ ආසන්නයේ පිහිටි නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. නිවසේ පදිංචිව සිටි මව හා දරුවන් දෙදෙනා, ආරක්ෂිත ස්ථානයකට යොමු කර, පියා නිවස ආසන්නයේ රැඳී සිට ඇති බවයි, වාර්තා වන්නේ.

    අධික වර්ෂාවත් සමග කුඩා ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් තවදුරටත් ඉහළ ගිහින්. මියගිය පුද්ගලයා, ආරක්ෂිත ස්ථානයක සිටිය ද ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, ඔහු එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ උත්සහ දරා තිබේ. එහෙත් ඔහු සැඩ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු බේරාගැනීමට උත්සහ දැරීමේ දී විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු ද ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වන විට පොල්ගහවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධියෙන්, මරණයට පත්වූයේ 47 හැවිරිදි දෙදරු පියෙක්. මෘත ශරීරය මේ වන විට පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර තිබේ.

    Latest News