ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රශීලි සබඳතාව තවදුරටත්‌ ශක්තිමත්‌ වේවා - මෙරට නව ඉන්දීය මහකොමසාරිස්

මැයි 12, 2020

    බුදුන්‌ වහන්සේගේ ආශීර්වාදයෙන්‌ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රශීලි සබඳතාව තවදුරටත්‌ ශක්තිමත්‌ වෙවායි, මෙරට නව ඉන්දීය මහකොමසාරිස් පවසයි.

    මෙරට නව ඉන්දීය මහකොමසාරිස් වන ගෝපාල්‌ බාග්ලේ මහතා මහනාහිමිවරුන්ට වීඩියෝ ඇමතුමක් ලබාගනිමින්‌ මේ බව ප්‍රාර්ථනා කළේය.

    ශ්‍රී ලංකාව සඳහා පත්‌ කෙරුණු නව ඉන්දීය මහකොමසාරිස්වරයා ඊයේ උදේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්‌ වහන්සේට සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්‌ වහන්සේට වීඩියෝ ඇමතුම්‌ ලබාගනිමින්‌ සාකච්ඡාවක නිරත විය. මිහිඳු මහරහතන්‌ වහන්සේ සහ සංඝමිත්තා මහතෙරණීන්‌ වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණිදා සිට බුදු දහම දෙරට යා කළ ශක්තිමත්‌ බැඳීමක්‌ වූ බවයි, නව මහකොමසාරිස්වරයා පවසන්නේ. දෙරටේම ජනතාවට නිරෝගීභාවය, සතුට හා සාමය ප්‍රාර්ථනා කරන බව ද සඳහන් කළේය.

    Latest News