මෙරට ධීවරයන්ට පහර දුන් බවට පළ වන වාර්තා සාවද්‍යයි - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

ජූනි 18, 2021

    ඉන්දීය නාවික හමුදාව ජූනි 17 වන දින ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.



    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද එහි දැක්වේ.

    “ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිර්දෝශී අයුරින් ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවකි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියළු ධීවර ගැටලු, ස්ථාපනය කර ඇති ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් සහ අවබෝධතාවයන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටියි.“ යනුවෙන් අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

    Latest News