ඇඳිරි නීතිය කැඩු පුද්ගලයින් ගණන 48000 ඉක්මවයි

මැයි 08, 2020

    අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වාහන 206ක් එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 48,725ක්.

    පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 12,654ක්.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 15:49

    Latest News