යූක්‍රේන ගුවන් ඉංජිනේරුවරුන් 6 ක් ලංකාවට

මැයි 08, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු අද (08) දින අලුයම යුක්‍රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

    මෙම ඉංජිනේරුවරුන් පමණක් මෙම ගුවන් යානයේ පැමිණ තිබූ අතර, ඔවුන් යූක්‍රේනයේ කියෙව් නුවර සිට පැමිණි පී.කිව්.- 5903 දරන යූක්‍රේනයට අයත් ස්කයි අප් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාළය අවසන් වී ඇති අතර, එම ගුවන් යානා පරීක්ෂා කර බලා, යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට, මෙම ගුවන් යානා නිපදවූ (Antonov Disign Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

     

    Latest News