ශ්‍රී ලංකාවේ COVID-19 ආසාධිත 649යි; සුව වූ ගණන 136 යි

අප්‍රේ 30, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 649ක් වී තිබේ.

    ඒ ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් 30 දෙනාත් සමගයි. ආසාදිතයින් 30න් ආසාදිතයින් 22 දෙදෙනෙක් නාවික හමුදා සෙබළුන් වන බව යුද හමුදාපති ‍මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් නාවික සෙබළුන් 20 ක් වැලිසර නාවික හමුදා මුලස්ථානයෙන් හා තවත් සෙබළුන් දෙදෙනෙක් නිවාඩු ගොස් සිටි අය වන බවද ඒ මහතා පැවසීය.

    ඊයේ වාර්තා වු අනෙක් පුද්ගලයා ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ගුණසිංහ පුර ප්‍රදේශයේ පදිංචි අයෙක් බව වාර්තාවේ. සෙසු පුද්ගලයින් 7 දෙනා නාවික සෙබළුන්ගේ ඥාතීන් වන බවත් වාර්තාවේ.

    එමෙන්ම මේ වන විට රෝගීන් 136 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට 506 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති. ඒ අතර 250 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News