සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

අප්‍රේ 27, 2020

    2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට (27) නිකුත් වී තිබේ. ප්‍රතිඵල ‍විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස අයඳුම්කරු‍ගේ නිවැරදි විභාග අංකය ලබා දීමෙන් භාගත හැකියි.

    ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මඟින් විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි. පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාව-0112 78 42 08 / 0112 78 45 37 / 0113 18 83 50 / 0113 14 03 14, ක්ෂණික ඇමතුම් ඒකකය-1911

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත්විණ.විභාගය සඳහා අයදුම්කරුවන් 7,17,246 පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන් පාසල් අයඳුම්කරුවන් ගණන 433,189ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් ගණන 284,057කි.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 16:07

    Latest News