යාපනයේ 17 ක් අත්අඩංගුවට

අප්‍රේ 27, 2020

    යාපනය,  අත්තියඩි ගණදෙවි කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (26) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

    ගණදෙවි කෝවිලේ සතුර්ති පූජාව නමැති පුජාවක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය.

    පොලිසිය පැවසූවේ ඇදිරි නීති තත්වය උල්ලංඝනය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජන රාශිය වෙනුවෙන් කටයුතු කළ පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Latest News