ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අප්‍රේ 23, 2020

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

    ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    We.jpg

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 17:26

    Latest News