COVID-19 මර්දනයට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් පරිත්‍යාග රැසක්

අප්‍රේ 23, 2020

    COVID - 19 වෛරසය පාලනය හා මර්දනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ආධාර හා ප්‍රදානයන් මේ වන විට ලැබෙමින් පවතී.

    ඒ අනුව ඊයේ දින (22) කොරියානු සමාගමක් වන SSENYPANG ආයතනය විසින් සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා වියළි ආහාර මළු තොගයක් ලබාදෙන ලදි.

    koroan-3.jpg

    මීට අමතරව GFLOCK ආයතනය විසින් COVID - 19 රෝගී සත්කාර සඳහා කටයුතු කරන වෛද්‍ය, හෙද ඇතලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටල 1500 ක් අමාත්‍යාශය වෙත පරිත්‍යග කරන ලදි. මෙම ප්‍රදානයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වේ.

    G-Flock.jpg

    මෙම ප්‍රදානයන් 02 කට අමතරව ඩයලොග් ආයතනය විසින් සේවා සම්බන්ධතා සහිත ජංගම දුරකථන 250 ක් සහ වයිෆයි අන්තර්ජාල සම්බන්ධතා 80 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ද ඊයේ දින සිදු කරන ලදි. මෙම දුරකථන COVID - 19 වසංගත තත්ත්වය මෙරටින් පහව යන තුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඇමැතුම් ලබාගැනීමේ කටයුතු සදහා නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. මෙම ප්‍රදානය රුපියල් මිලියන 1.7 ක වටිනාකමකින් යුක්ත වේ.

    මෙම පරිත්‍යාගයන් එම පෞද්ගලික ආයතනයන් හි නියෝජිතයින් විසින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාර දුන් අතර එම අවස්ථාවට අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

    Latest News