සෞඛ්‍ය නීති කැඩූ මගීන් බස් රථවලින් බස්සවයි

අප්‍රේ 21, 2020

    කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පනවා ඇති කොන්දේසි උල්ලංඝණය කරමින් බස් රථවල ගමන් කිරීමට උත්සාහ කරන මගීන් බස්රථවලින් බැස්සවීමට අද (21) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ක්‍රියා කළේය.

    කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මගීන් ප්‍රවාහනය කරන බස් රථවලට සීමිත මගීන් පිරිසක් පමණක් බස්රථවලට රැගෙනයාමට අවසර ලබා දී තිබේ. මෙම කොන්දේසි උල්ලංඝණය කරමින් අනුමත ප්‍රමාණයට වඩා බස් රථවලට ඇතුළු වන මගීන් බැස්සවීමට ඊයේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ක්‍රියා කළේය.

    බස් නැවතුම්පොළේ නතර කරන සෑම බස් රථයක්ම මෙම නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබීය. රැකියා ස්ථාන සඳහා ගමන් කරන මගීන්ට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් ලබා දීමට පොලිස් නිලධාරීන් සහ තංගල්ල ලංගම ඩිපෝවේ නිලධාරීන් ක්‍රියා කළේය.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 11:39

    Latest News