මෙරට ආසාදිතයින් 295ක්...24ක් කොළඹින්

අප්‍රේ 20, 2020

    මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 295ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ අද (20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වීමත් සමගයි.

    අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිස අතරින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    කොරෝනා ආසාදිතව සිට මේ වන විට පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

    මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් මෙරටින් වාර්තා වී තිබේ.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 13:39

    Latest News