නව ‍පක්ෂය යෝජනාව එජාප කෘත්‍යාධිකාරීයට

දෙසැ 21, 2018

    එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පිටකෝට්ටේ - සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ප.ව 4.00ට පැවැත්වීටම නියමිතයි.

    එහිදී, "ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් පිහිටුවන නව දේශපාලන පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

    පසුගියදා ගාලුමුවදොර පිටියේ දී පැවති එක්සත් ජාතික පක්ෂ "යුක්තියේ සටන" ජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව දේශපාලන සන්ධානය පිළිබඳ හෙළිකරව් කළේය.

    සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පුලුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා තරග කිරිමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට සැලසුම්කර තිබේ.  ඒ අනූවයි නව පක්ෂය සම්බන්ධ යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙන්නේ.

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 11:08

    Latest News