එලවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක

අප්‍රේ 06, 2020

    ඇඳිරි නිතිය පනවා තිබියදි එලවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇති බව වාර්තාවේ.

    ඇදිරි නිතිය පනවා තිබියදි තලවකැලේ සිට හැටන් දක්වා එලවළු ප්‍රවාහනය කරමින් තිබු මෙම කැබ් රථයක් ප්‍රධාන මාර්ගයේ කන්දක හැපි සිදුවූ අනතුරකින් එම කැබ් රථයේ රියදුරා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව දිඹුල පොලිසිය පැවසිය.

    ඇඳිරි නිති බලපත්‍රලයක් සහිතව ධාවනය වු කැබ් රථය (05) දින පස්වරු 5 ට පමණ අනතුරට පත් වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදිය.
    අධික වේගයෙන් ධාවනය වි ඇති කැබ් රථයේ වේගය රියදුරාට පාලනය කර ගත නොහැකිව කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දක හැපි කැබ් රථය එම මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් කැබ් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂක පවත්වන දිඹුල පොලිසිය පවසයි.

    Latest News