COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

අප්‍රේ 05, 2020

    COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එහි සාමාජිකයන්ගේ ඉල්ලා සිටී.

    මෙම ඉල්ලීම කරනු ලැබුවේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින්.


    ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙම ආපදා අවස්ථාවේ ක්‍රියාකරන ආකාරය අප අගය කළ යුතුය. රට ගැන හැඟීමක් ඇති සමස්ත හෙද කාර්ය මණ්ඩලයේ දායකත්වය ඒ සඳහා අපේක්‍ෂා කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.

    Latest News