මෙරට තෙවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

අප්‍රේ 02, 2020

    ජිවිතක්ෂයට පත්ව ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තෙවන මරණය ඊයේ (01) රාත්‍රී වාර්තා වූ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු කර ගෙන ඇත්තේ ද ඊයේ දිනයේ දීමය. අනතුරුව, එම රෝගියා කොළඹ IDH රෝහල වෙත මාරු කරන අවස්ථාවේ දී මිය ගොස් තිබේ.

    මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්වයන්ගෙන් පෙළී තිබේ. රෝගියා රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බව සදහන් වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 08:25

    Latest News