කොරෝනාවලින් බේරෙන්න නිතරම අත් සෝදන්න

මාර් 29, 2020

    කොරෝනා අවදානම පවතින මේ දිනවල සබන් යොදා නිතර දෑත් පිරිසිදුකර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

    ඒ සඳහා ඇතැම් නව නිපැයුම්කරුවන් අතින් ඇල්ලීමකින් තොරව ජලය ලබා ගත හැකි ජල කරාම සැකසීමට ද කටයුතු කළේය. මතුගම ප්‍රදේශයේ දෙදෙනෙකු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක් නිපදවීමට සමත්ව තිබේ.

    ගීතානන්ද උදයසිරි හා චන්දන ප්‍රසන්ජිත් යන සොහොයුරන් නව නිපැයුම් පිළිබඳ උනන්දුවක් දක්වන දෙදෙනෙක්. ඔවුන් පවසන්නේ, මෙම ජල කරාමය දෑතින් ක්‍රියාත්මක නොකර විදුලිබලයකින් ද තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොකර විදුලිබලයකින් ද තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් වැඩි වාසියක් අත්වන බවයි. මෙහි එක් ජල කරාමයක් ඊයේ කළුතර, නාගොඩ මහ රෝහලට ලබා දුන් අතර, තවත් ජල කරාමයක් අද මතුගම, වෑත්තෑව රෝහල වෙත ප්‍රදානය කෙරිණ. අවශ්‍ය උපාංග කොටස් ලබා දෙන්නේනම් මෙවැනි ජල කරාම තවත් සැපයි හැකි බව ගීතානන්ද සහ චන්දන සොහොයුරන් පවසයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 12:13

    Latest News