විදෙස්ගත ලාංකිකයින් 17,000ක් යළි පැමිණීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි වෙයි

මාර් 29, 2020

    විදේශ සබඳතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබේ.

    ඊයේ(28) දහවල් වන විට පුද්ගලයින් 17,457 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කාලපයේ පුද්ගලයින් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

    අසි.සී.ටි.ඒ.ආයතනය සමඟ එක්ව පසුගිය 26 වැනිදා විදේශ අමාත්‍යාංශය මඟින් ලියාපදිංචිය සඳහා WWW.CONTACTSRILANKA.MFA.GOV.LK වෙබ් අඩවිය හඳුන්වා දී තිබුණි.

    එම වෙබ් අඩවිය ඔස්සේ ලියාපදංචි වූ පුද්ගලයන් 700 දෙනෙකු යළි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර තිබේ.

    රජය පසුගියදා, කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය. 

    රජය පසුගියදා ප්‍රකාශ කළේ තීරණය වන්නේ වෛරසය පාලනය කරන තුරු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එම රටවලට ආරක්ෂිතව රැදී සිටිය යුතු බවයි.

    සෙසු රටවලද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනාගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ. විදේශගත සිසුන්, ව්‍යාපාරිකයින් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දුන්නේය.

    මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතී.

    එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙස මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටියේය.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 10:18

    Latest News