රාගම රෝහල යළිත් විෂබීජානුහරණයට

මාර් 29, 2020

    දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද මෙම වැඩසටහනෙහිදී රෝහල් පරිශ්‍රයේ සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදී.

    ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය මගින්.

    රජය විසින් අවධානම් කළාපයක් ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කය තුල වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

    රෝහලෙහි සියළුම ස්ථාන ආවරණය වන පරිදි විධිමත්ව විෂබීජ හරණය සිදු කරන ලද අතර, මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තර දායකත්වය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 08:55

    Latest News