ප්‍රදේශ කිහිපයක ඇඳිරිනීතිය තවදුරටත් - රජය නිවේදනය කරයි

මාර් 29, 2020

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට එනම් මාර්තු 30 වැනි දින උදෑසන 6.00 ට ලිහිල් කෙරේ.

    ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

    අත්‍යාඅවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා යොදා ගෙන ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මකයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියා මාර්ග ගෙන ඇත්තේ, හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියා මාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපඳින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන සම්පූර්ණයෙන්ම හුදෙකලා ප්‍රෙද්ශ ලෙස නම් කර ඇත.

    කවරකුට හෝ මෙම ගම්මාන දෙකට ඇතුළුවීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වේ.

    Latest News